Loading...

Wednesday, November 10, 2010

වර්චුවල් විශ්ව විද්‍යාලයක් යනු කුමක්ද? (ලිපිය 04)


Uditha Isuranga Muthumala
PCJT 32 Unique Solutions
0717001454
jfuditha@gmail.com

 විශ්ව විද්‍යාල ව්‍යුහය හදුනා ගනිමු.
ශ්‍රී ලාංකිකයින් විශ්ව විද්‍යාලයක් ලෙස හදුනා ගන්නා ව්‍යුහය දෙස ගැඹුරින් සාකච්ඡා කීරීම මෙම ලිපියේ අරමුණ වන අතර ලාංකිකයන්ගේ අර්ථ දැක්වීමට අනුව නම් විශ්ව විද්‍යාලය යනු 1වසරට පාසලට ඇතුලු වන ළමයා පාසලින් පසු යා යුතු රන් දෙවොලයි. නමුත් එම දෙවොලින් පිටවන දරුවා සමාඡයට පැමිණි පසු කරන දේ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඔවුනට නැත. අවශ්‍ය එකම දේ වන්නේ දරුවා උසස් පෙළ සමත් වීමෙන් පසු විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට තේරී පත් වීමයි.
                        අප දැන් සළකා බලමු විශ්ව විද්‍යාලය යන වි්‍යුහයේ අර්ථ දැක්වීම කෙබඳුදැයි කියා. මේ සඳහා නිතැතින්ම මතකයට එන Oxford ශබ්ද කෝශය හා Wikipedia විශ්ව කෝශය බමෙය අර්ථ දක්වා ඇත් ආකාරය විමසා බලමු.
Oxford ශබ්ද කෝෂ අර්ථ දැක්වීම..
Pronunciation:/juːnɪˈvəːsɪti/

noun (plural universities)

  • a high-level educational institution in which students study for degrees and academic research is done:I went to university at the Sorbonnehis daughter is at university

Wikipedia අර්ථ දැක්වීම..
university is an institution of higher education and research, which grantsacademic degrees in a variety of subjects. A university is a corporation that provides both undergraduate education and postgraduate education. The word university is derived from the Latin universitas magistrorum et scholarium, roughly meaning "community of teachers and scholars

මෙම අර්ථ දැක්වීම් දෙකම සලකා බැලීමේදී විශ්ව විද්‍යාලය (university) යන්න පිළිබඳ මනා අවබෝධයක් ලැබෙතැයි මා සිතනවා. මෙහි ව්‍යුහය දෙස තවදුරටත් ගැඹුරින් සළකා බලමු.
           සාමාන්‍ය සිංහල වචනයේ අදහස නම් විශ්වීය දැනුම අතැඹුළක් කොට සිසුන්ට ලබාදෙන විද්‍යාතනය විශ්ව විද්‍යාලය වන බවයි. නමුත් මෙම විද්‍යාතනයේ ව්‍යුහය සලකා බෑලීමේදි ලෝකය වෙත නව තාකෂණය ගෙන මධ්‍යස්ථානයක් බවට පත්ව තිබෙනවා. පාසලින් අවශ්‍ය දැනුම් පදනම තනාගෙන එන දරුවාව සියලු දැනුමින් සන්නද්ධ කොට සමාඡයට ලබා දීම මෙහි ප්‍රධාන වගකීමයි.වර්තමාන ශ්‍රී ලාංකික සමාඡයේ පවතින පරිදි තම නිශ්පාදනය ලෙස උපාදිධාරීන් සාදන සමාන්‍ය ආයතනයක් බවට මෙම විශ්ව විද්‍යාතනය පත්වී තිබීම කණගාටුවට කරුණකි.
           විශ්ව විද්‍යාලයක් තුළ ප්‍රධාන වශයෙන් අංශයන් දෙකක් පවතින අතර එම අංශයන් මෙසේයි..

  • අධ්‍යන අංශය
  • පර්යේශණ අංශය
අප මුලින්ම මෙහි අධ්‍යන අංශය දෙස සළකා බලමු.
මේ අංශය මගින් විශ්ව විද්‍යාලයට පැමිණෙන දැනුම් පිපාසිත තරුණ බාල මහලු සියලු දෙනාම දැනුමින් සන්නද් කිරීම මෙන්ම දැනුමට සරිලන විභාග පවත්වා ලබා ගත් දැනුම ඇගයිමකට ලක්කොට ලබා ගත් ලකුණු අනුව ප්‍රවීනතා ලබාදීමද පාඪමාලාව අවසානයේ උපාධිය හෝ වෙනත් ඇගයිමක් ලබාදීමද සිදු කෙරෙනවා.
අධ්‍යන අංශයට ඇතුලත් වන ශිෂ්‍යයෙකුට තමන්ගේ අධ්‍යාපනය තුළින් ඉදිරියට යා හැකි මට්ටම් මෙසේයි..

  • සහතික පත්‍ර පාඪමාලා (Certificate Course)
  • ඩිප්ලෝමා පාඪමාලා   
  1.          වෘත්තිය ඩිප්ලෝමා (Professional Diploma)
  2.         අධ්‍යාපනික ඩිප්ලෝමා (Academic Diploma) 


  • උසස් ඡාතික ඩිප්ලෝමා (Higher National Diploma)
  • ප්‍රථම උපාධිය(Bachelor Degree)
  • පශ්චාත් උපාධි ඩිප්ලෝමා (Post Graduate Diploma)
  • දෙවන උපාධිය(Master Degree)
  • පර්යේෂණ ඩිප්ලෝමා (Researching Diploma)
  • ආචාර්ය උපාධි (Doctorate Degree)
මෙම මග ඹස්සේ ඉචිරියට යන සිසුවාට අවශ්‍යනම් විශ්වවිද්‍යාල පර්යේෂණ අංශයට සම්බන්ධ වී මහාචාර්ය (Professor) තත්වයට පවා පත්විය හැක.

දැන් අප විශ්ව විද්‍යාලයක පර්යේෂණ අංශය සලකමු.
 විශ්ව විද්‍යාලයක පර්යේෂණ අංශයෙන් ප්‍රධාන වශයෙන්ම ලෝකයට අවශ්‍ය නව නිපැයුම් ඉදිරිපත් කිරීම හා ලෝකය මුහුණ දෙන ප්‍රශ්න වලට විද්‍යාත්මක විසඳුම් සෙවීම සිදුවනවා.තවද මෙම අංශය මගින් අධ්‍යන අංශය මගින් ලබා දෙන්නා වු පර්යේෂණ ඩිප්ලෝමා සදහා අවශ්‍ය පහසුකම් සැපයිමද කරගෙන යන කාර්යක් ලෙස දැක්විය හැක.මෙම අංශයට ප්‍රධාන මහාචාර්ය වරයෙකු සිටින අතර ප්‍රධාන වශයෙන්ම ඔහුගේ අත්දැකීම් මත පදනම්ව මෙම අංශය තම කටයුතු පවත්වාගෙන යනු ලබයි.

විශ්ව විද්‍යාලයක් පාලනය වන්නේ කුලපතිවරයෙකු යටතේ වන අතර නමුත් ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල පද්ධතිය තුල මෙම තනතුර ගරු තනතුර බවට පත්කොට එයට බලය පවරා නොමැති බවක් පෙනි යනවා.මීලඟට විශ්ව විද්‍යාලය පාලනය කරන පුද්ගලයා උප කුලපති වරයායි. නමුත් අප දිවයින තුළ මෙම උපකුලපති තනතුර වඩාත් බලය සහිත තනතුරක් ලෙස ක්‍රියාත්මක වන සෙයක් දක්නට ලැබෙනවා.
විශ්ව විද්‍යාලයක සියලු පරිපාලන හා අධ්‍යන කටයුතු සිදුවන්නේ Dean හෙවත් පීඪාධිපතිවරුන් හරහායි.
 මෙම ලිපිය මගින් විශ්ව විද්‍යාලය යන ආයතනය පිළිබද ඳල වැටහිමක් ලැබෙන්නැතියි මා සිතනවා.

0 comments:

Post a Comment